විවිධත්වයන් සහිත දරුවන් සමග කටයුතු කිරීම හා අන්තර්කරණ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ ළමා විෂයගත නිළධාරින්ගේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩමුළුව
උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ “විවිධත්වයන් සහිත දරුවන් සමඟ කටයුතු කිරීම හා අන්තර්කරණ අධ්‍යාපන ක්‍රියාවලිය” පිළිබඳ ළමා විෂයගත නිළධාරින්ගේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩමුළුව 2025-11-04 දින සාර්ථකව පැවැත්විනි.
මෙම වැඩමුළුව, උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්.එම්.ඩී.නිර්මාණි අමරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්,උතුරු මැද පළාත් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. පරිවාස නිලධාරී , දිස්ත්‍රික්කයේ ළමා ආරක්ෂාව හා සංවර්ධනය පිළිබඳ කටයුතු කරන දිස්ත්‍රික් නිලධාරීන් හා ප්‍රාදේශිය ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරීන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශිය නිළධාරීන්, මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය මෙම වැඩමුළුවට සහභාගී විය.
ජාතික අධ්‍යාපන ආයතනයේ අන්තර්කරණ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කථිකාචාර්ය ජී.එස්. මල්ලිකා තුමිය මෙහි සම්පත් දායකත්වය ලබා දුන් අතර, දිනය පුරා පැවැති මෙම වැඩමුළුවේදී විවිධ තත්ත්වයන් තුළදී දරුවන් අධ්‍යාපනයේදී හා සමාජයේදී මුහුණ දෙන ගැටළු සාකච්ඡා කරන ලදී.
එසේම, දරුවන්ගේ ආරක්ෂාව සදහා නිළධාරීන් අතර වගකීම් බෙදා ගැනීම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීමට මෙය උපකාරී වූ අතර, ප්‍රායෝගික ආකාරයෙන් අන්තර්කරණ අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ නව මාර්ගෝපදේශ ලබා දෙන ලදී.
සම්පත්දායක සම්බන්ධීකරණය දිස්ත්‍රික් ළමාරක්ශක නිලධාරි මහේන්ද්‍ර දිසානායක මහතා විසින් සිදුකරන ලදී.
මෙම සාර්ථක වැඩමුළුව සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුලු සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට අපගේ විශේෂ ස්තූතිය පුදකර සිටිමු.
