"ගී රස වින්දන " 

උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සදහා 2025.09.23 වන දින සවස ගී රස වින්දන වැඩසටහනක් පැවැති අතර මෙම වැඩසටහන දෙපාර්තමේන්තු ප්රධානී උතුරුමැද පළාත් කොමසාරිස් නිර්මාණි අමරතුංග මහත්මිය ගේ ප්රධානත්වයෙන් දෙපාර්තමේන්තු ශ්රවණාගාරයේ දී පවත්වන ලදී.
ගී රස වින්දන වැඩසටහන මෙහෙයවන ලද්දේ අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දිස්ත්රික් ප්රවෘත්ති නිලධාරි,මාධ්යවේදී ශෙල්ටන් බණ්ඩාර මහතා විසිනි. ඒ සදහා සහය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මාධ්ය අංශයේ චන්දිම මහතා විසින් ලබාදුන් අතර, ගීත ගායනයෙන් මෙම වැඩසටහන හැඩ ගැන්වුයේ අප දෙපාර්තමේන්තුවේ මහත්මින් පිරිසක් විසිනි.