උතුරුමැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ළමා ආරක්ශාව සම්බන්ධව කටයුතු කරන දිස්ත්‍රික් /ප්‍රාදේශිය නිලධාරීන් සදහා සංවිධානය කරන ලද ළමා ආරක්ශාව සම්බන්ධ නීතිය පිළිබඳ දෙදින වැඩමුළුව
2025/08/21 හා 08/22 යන දෙදින තුළ,
උතුරුමැද පළාත් සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලද මෙම වැඩසටහන සඳහා මූලික දායකත්වය ලබාදුන් උතුරුමැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස කොමසාරිස් නිර්මාණි අමරතුංග මහත්මියට හා අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩි.පී. පුෂ්පකුමාරී මහත්මියට අපගේ ගෞරවය පුද කරමු.
මෙම වැඩසටහනේදී ළමා ආරක්ශාව සම්බන්ධ නීතිය පිළිබඳ දැණුම ලබාදීමට සම්පත් දායකත්වය පොලිස් සේවාස්ථ පුහුණු ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.රණසිංහ මහතාට වටිනා දායකත්වය පිළිබඳව අපගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරමු.
දෙවන දිනයේ ළමා ආරක්ෂණයේදී අධිකරණ වෛද්‍ය කාර්යභාරය පිළිබඳ සුවිශේෂි දැණුමක් ලබාදීම සඳහා සම්පත් දායකත්වය ලබාදුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් වන එම්.එම්.ඒ.සී. ගූණතිලක සහ එම්.එම්.එස්. සේනතුංග මහත්වරුන්ට අපගේ ගෞරවය හා ස්තූතිය පුද කරමු.
මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වු දිස්ත්‍රික් /ප්‍රාදේශිය නිලධාරීන් මෙය සාර්ථක කරගැනීම උදෙසා ලබාදුන් සක්‍රීය දායකත්වය, පරිවාස දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ කැපවීම හා උත්සාහය මගින් ළමා ආරක්ෂාව සම්බන්ධ නීතිය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමට අපට හැකි විය. මෙම වටිනා දායකත්වය සඳහා ඔබසැමට ගෞරවනීය ස්තූතිය පුද කරසිටිමු.
==================================
මාධ්‍ය අංශය උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂකසේවා දෙපාර්තමේන්තුව
