දෙපාර්තමේන්තුව මගින් සලසනු ලබන සේවාවන්...

1. පරිවාස සේවාව. (වැරදිකරුවන් පුනරුත්ථාපනය)

අධිකරණයට යොමු වන නොයෙකුත් වැරදි වලට යොමු වන ළමුන් හා තරුණ, වැඩිහිටි වරදකරුවන්ගේ චරිත හැඩ ගස්වා පුනරුත්ථාපනය කිරිම විශෝධන සේවාව මගින් සිදුවේ.

2. ළමාරක්ෂක සේවාව

ආයතනගත සේවාවන්  - ආයතනගත සේවාවන් වශයෙන්

අනාථ, අසරණ, අත්හළ, කෘරකම්වලට ගොදුරු වු සහ නොයෙකුත් ආපදාවලට මුහුණ පා සිටින ළමුන් රැකබලා ගැනිම, අධ්‍යාපනය, පෝෂණය හා අනෙකුත් සියලු සංවර්ධන අවශ්‍යතා සපුරාලිම.

ආයතන ගත නොවන සේවාවන්

පවුල් පරිසරයන්හි රැකවරණය ලබාදෙමින් අධීක්ෂණ කටයුතු කිරීම.

වෙනත් සේවාවන්

Ø. ළමාරක්ෂක කමිටු සඳහා සහභාගීවීම.

Ø. දරුවන් කුළවද්දා දිම.

Ø. දරුවන් විවාහ කරදිම.

Ø. රැකියා අවස්ථාවන් සදහා වෘත්තිය සුදුසුකම් සදහා යොමු කිරිම.

Ø. ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල දරුවන්ට අධ්‍යාපන හා වෙනත් ආර්ථිකසහන සැළසිම. ( ස්වයං රැකියා ආධාර, නිවාස සහනාධාර සකස් කර දිම)

Ø. ළමා සුභ සාධනය සදහා සේවයේ යෙදි සිටින රාජ්‍ය නොවන හා ස්වේච්ඡා සංවිධාන සමග සම්බන්ධතා ඇතිව කටයුතු කරමින් දරුවන්ට සේවය සැළසිම.

Ø. රෝහල්වල සිද්ධි සම්මණ්ත්‍රන සඳහා සහභාගීවීම.