උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ළමා ආරක්ශාව සම්බන්ධව කටයුතු කරන දිස්ත්රික් /ප්රාදේශිය නිලධාරීන් සදහා සංවිධානය කරන ලද ළමා ආරක්ශාව සම්බන්ධ නීතිය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පළමු වැඩසටහන 2025/08/21 දින උතුරුමැද පළාත් සභා ශ්රවනාගාරයේදී පැවැත්විය. මෙම වැඩසටහනේ පිළිගැනීමේ කතාව හා අරමුණ පැහැදිලි කිරීම උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස කොමසාරිස් නිර්මාණි අමරතුංග මහත්මිය විසින් සිදු කරන ලද අතර,මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය පොලිස් සේවාස්ථ පුහුණු ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සී. රණසිංහ මහතා විසින් සිදු කරන ලදී.